Connect with us

විදෙස්

ෆේස්බුක් මව් සමාගමට ඩොලර් මිලියන 20ක් දඩකයි!

Published

on

ෆේස්බුක් යෙදවුම අයත් මෙටා සමාගමට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20ක වන්දියක් ගෙවන ලෙසට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබේ.

පරිශීලකයින්ව නිසි අයුරින් දැනුවත් කිරීමයකින් තොරව Onavo නම් ස්මාර්ට්ෆෝන් යෙදවුම හරහා ඔවුන්ගේ දත්ත රැස් කිරීම යන චෝදනාව මත මෙම දඩය පනවා තිබේ.

තවද, මෙටා සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන Facebook Israel හා මේ වන විට අත්හිටුවා ඇති Onavo යෙදවුම හරහා ඕස්ට්‍රේලියානු තරඟ සහ පාරිභෝගික කොමිසමට (ACCC) නීති වියදම් ලෙස ඕස්ට්‍රේලියානු ඩොලර් 400,000ක්ද ගෙවන ලෙසද ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.

මේ වන විට ඕස්ට්‍ර්ලියානු ජාතිකයන් විසින් Onavo යෙදවුම 271,220 වරක් බාගත කරගෙන ඇති බවත්, පාරිභෝගික නීති කඩ කළ සෑම වාරයක් පාසාම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.1ක දඩ නියම කළ හැකි බවද මෙම නඩු තීන්දුව ලිඛිතව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරිය සඳහන් කර ඇත. එබැවින් මෙටා සමාගමට ඩොලර් බිලියන ගණනක් දඩ නියම කිරීමට අධිකරණයට හැකි බවද ඇය පෙන්වා දී තිබේ.

විදෙස්

අමෙරිකානු තීරුබදු අනුපාත අද සිට ලිපි මගින් එක් එක් රටට

Published

on

By

තීරුබදු විරාමය ජූලි 9 වන දින අවසන් වීමට පෙර, තම පරිපාලනය රටවල්වලට යටත් වන තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් ලිපි යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
 
ඔහු පවසා සිටියේ අද (04) සිට එම ලිපි යැවීම ආරම්භ කරන බවය.
 
වියට්නාමය සමඟ බදාදා ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ ගිවිසුමකට අමතරව “තවත් ගිවිසුම් කිහිපයක්” අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ද  ජනපතිවරයා විසින් සඳහන් කර ඇත.

Continue Reading

විදෙස්

මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියගොස් 38ක් අතුරුදහන්

Published

on

By

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇත.

ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු මෙම නෞකාව පෙරළි ගිලී ගොස් ඇති සඳහන් වේ.

බෝට්ටුවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති අතර එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළුව රථ වාහන 22 ක් ද තිබී ඇති බව වාර්තා වේ.

අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතින නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි බාධා එල්ල වී බව සඳහන් වේ.

දූපත් 17,000 කට වඩා වැඩි දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ මෙම මගී නෞකා සාමාන්‍ය ප්‍රවාහන ක්‍රමයක් වන අතර, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක උපකරණ නොමැතිව මෙම නෞකා යාත්‍රා කරන අතර දැරිය නොහැකි තරමට බර පටවා ගැනීම හේතුවෙන් අනතුරු බහුලව සිදු වන බව සඳහන් වේ.

Continue Reading

විදෙස්

“දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟයි” – ට්‍රම්ප්

Published

on

By

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ යෝජිත දින 60ක සටන් විරාමය අතරතුර, යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරන බව ඔහු පවසා ඇති බවය.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් කොන්දේසි මොනවාද යන්න විස්තර නොකර සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇත.

සටන් විරාමය සඳහා මැදිහත් වූ කටාර් සහ ඊජිප්තුව මෙම අවසාන යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

හමාස් සංවිධානය මෙම යෝජනා පිළිගැනීම යහපත් ප්‍රවනතාවක් බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved