ෆේස්බුක් යෙදවුම අයත් මෙටා සමාගමට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20ක වන්දියක් ගෙවන ලෙසට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබේ.
පරිශීලකයින්ව නිසි අයුරින් දැනුවත් කිරීමයකින් තොරව Onavo නම් ස්මාර්ට්ෆෝන් යෙදවුම හරහා ඔවුන්ගේ දත්ත රැස් කිරීම යන චෝදනාව මත මෙම දඩය පනවා තිබේ.
තවද, මෙටා සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන Facebook Israel හා මේ වන විට අත්හිටුවා ඇති Onavo යෙදවුම හරහා ඕස්ට්‍රේලියානු තරඟ සහ පාරිභෝගික කොමිසමට (ACCC) නීති වියදම් ලෙස ඕස්ට්‍රේලියානු ඩොලර් 400,000ක්ද ගෙවන ලෙසද ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.
මේ වන විට ඕස්ට්‍ර්ලියානු ජාතිකයන් විසින් Onavo යෙදවුම 271,220 වරක් බාගත කරගෙන ඇති බවත්, පාරිභෝගික නීති කඩ කළ සෑම වාරයක් පාසාම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.1ක දඩ නියම කළ හැකි බවද මෙම නඩු තීන්දුව ලිඛිතව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරිය සඳහන් කර ඇත. එබැවින් මෙටා සමාගමට ඩොලර් බිලියන ගණනක් දඩ නියම කිරීමට අධිකරණයට හැකි බවද ඇය පෙන්වා දී තිබේ.