විදෙස්

මධ්‍යම මෙක්සිකෝවේ තවත් වෙඩි තැබීමක්

Published

on

මධ්‍යම මෙක්සිකෝවේ කර්මාන්ත කලාපයක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාකරන පරිදි සන්නද්ධ පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇත.

පුද්ගලයින් 9 දෙනෙකුගේ සිරුරු වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ තිබී සොයාගත් අතර තවත් පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය මාර්තු මාසයේද මෙවැනිම වෙඩි තැබීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගිය අතර මැයි මාසයේද මෙවැනිම වෙඩි තැබීමක් සිදුව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version