කොවිඩ් එන්නත් නිපදවීමට ඉවහල් වූ mRNA තාක්ෂණය නිපදවූ විද්‍යාඥයන් දෙදෙනෙකු හට මෙවර වෛද්‍ය විද්‍යාව උදෙසා පිදෙන නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ.
මෙලෙස නොබෙල් ත්‍යාගය හිමිවී ඇත්තේ හංගේරියාවේ Szeged විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරන කැටලින් කැරිකෝ මහත්මියට හා පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඩෲ වයිස්මන් මහතාටය.
කොවිඩ් වසංගතය අතරතුරදී මොඩර්නා හා ෆයිසර්/බයෝඑන්ටෙක් එන්නත් සඳහා යොදාගැනුනේ mRNA තාක්ෂණයයි.
ඉදිරියේදී පිළිකා ඇතුළු තවත් රෝග රැසක් සම්බන්ධයෙන් යොදාගැනීමට mRNA තාක්ෂණය සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර පර්යේෂණ සිදුකෙරේ.