විදෙස්

තල්මසුන් 200ක් ඕස්ට්‍රේලියානු වෙරළකට ගොඩගසයි

Published

on

බටහිර ඕස්ට්‍රේලියාවේ ටැස්මේනියා ප්‍රාන්තයේ වෙරළකට තල්මසුන් 200ක් පමණ ගොඩ ගසා ඇතැයි වාර්තා වේ.

පයිලට් තල්මසුන් යැයි පැවසෙන් මොවන්ගෙන් අඩක් තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඔවුන් මුදවාගැනීමට එම ප්‍රදේශයට පිරිස් යැවීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් විදෙස් වාර්තා වල සඳහන් වේ.

නිවේදනයක් නිකුත් කරමින් ටැස්මේනියාවේ ස්වභාවික සම්පත් හා පරිසර දෙපාර්තමේන්තුව පවසා තිබුණේ මෙම සතුන් බේරාගැනීමට විශේෂඥයන් විසින් වැඩපිළිවෙළක් සකසාගෙන ගියද, එම ස්ථානය හේතුවෙන් එම මෙහෙයුම සංකීර්ණ විය හැකි බවයි.

මීට දිනකට පෙර උතුරු ටැස්මේනියාවේ ස්පර්ම් තල්මසුන් 14ක්ද වෙරළට ගොඩගසා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version