විදෙස්

ස්නෝඩන්ට රුසියානු පුරවැසිභාවය

Published

on

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) රහස් තොරතුරු හෙලිදරව් කිරීමේ චෝදනා ලබා සිටින එඩ්වඩ් ස්නෝඩන්ට රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් පුරවැසිභාවය ලබාදී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පුටින් පුරවැසිභාවය ලබා දුන් විදේශිකයන් 72 දෙනාගේ ලැයිස්තුවේ ස්නෝඩන්ගේ නම පළ කර තිබුණේ ක්‍රෙම්ලිනයේ කිසිඳු අදහස් දැක්වීමකින් තොරව වන අතර, ස්නෝඩන් ද මේ සම්බන්ධයෙන් ක්ෂණිකව ප්‍රතිචාරයක් දක්වා නැතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

වසර 2020 දී රුසියාව විසින් ස්නෝඩන්ට ස්ථිර පදිංචිය සඳහා අයිතීන් ලබාදී ඔහුට රුසියානු පුරවැසිභාවය ලබා ගැනීමට මග පාදා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version