Connect with us

විදෙස්

ස්නෝඩන්ට රුසියානු පුරවැසිභාවය

Published

on

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) රහස් තොරතුරු හෙලිදරව් කිරීමේ චෝදනා ලබා සිටින එඩ්වඩ් ස්නෝඩන්ට රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් පුරවැසිභාවය ලබාදී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පුටින් පුරවැසිභාවය ලබා දුන් විදේශිකයන් 72 දෙනාගේ ලැයිස්තුවේ ස්නෝඩන්ගේ නම පළ කර තිබුණේ ක්‍රෙම්ලිනයේ කිසිඳු අදහස් දැක්වීමකින් තොරව වන අතර, ස්නෝඩන් ද මේ සම්බන්ධයෙන් ක්ෂණිකව ප්‍රතිචාරයක් දක්වා නැතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

වසර 2020 දී රුසියාව විසින් ස්නෝඩන්ට ස්ථිර පදිංචිය සඳහා අයිතීන් ලබාදී ඔහුට රුසියානු පුරවැසිභාවය ලබා ගැනීමට මග පාදා තිබුණි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විදෙස්

ඉතාලි පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක්

Published

on

By

ඉතාලි පාර්ලිමේන්තුවේදී සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසුව එක් විපක්ෂ මන්ත්‍රීවරයකුට රෝද පුටුවක් ආධාරයෙන් පාර්ලිමේන්තුවෙන් පිටවී ගොස් රෝහල් ගතවීමට සිදුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවක් සම්බන්ධ විවාදයක් උණුසුම් වීමත් සමඟ මෙම ගුටිබැට හුවමාරුව ආරම්භ වී තිබේ.

ඉතාලියේ පළාත් සඳහා වැඩි බලතල ලබාදීමට ගෙන ආ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති එම විවාදය උණුසුම් වීමත් සමඟ ෆයිව් ස්ටාර් මුව්මන්ට් පක්ෂයේ ලියනාඩෝ ඩොනෝ දක්ෂිණාංශික ලීග් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය රොබර්ටෝ කැල්ඩෙරෝලි වෙත ගොස් ඔහුගේ මුහුණට ඉතාලි කොඩිය එල්ල කිරීමත් සමඟ මෙම ගුටිබැට හුවමාරුව ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කලේය.

ඉතාලි මාධ්‍ය සඳහන් කළේ, දෙදෙනා අතර ගැටුම සමථයකට පත් කිරීමට පාර්ලිමේන්තු නිලධාරීන් දෙදෙනකු උත්සාහ දරා ඇතත් ඔවුන් අපොහොසත් වී ඇති බවය.

අනතුරුව එම ගැටුමට තවත් පක්ෂ කීපයකට අයත් පාර්ලිම්න්තු මන්ත්‍රීවරුන් පිරිසක් එකතු වී ඇතැයි එරට මාධ්‍ය ප්‍රකාශ කරන ලදී.

ගැටුමෙන් දරුණු ලෙස පහර කෑ ලියනාඩෝ ඩොනෝට අවසානයේ රෝහල්ගත වීමටද සිදුවූ බව ඉතාලි මාධ්‍ය පෙන්වා දී ඇත.

එරට මාධ්‍ය සඳහන් කළේ, ජී 7 සමුළුවේ වාර්ෂික රැස්වීම ඉතාලියේ පුග්ලියාහිදී පැවැත්වෙන අතරතුර මෙම ගුටිබැට හුවමාරුව සිදුව ඇති බවත් එහි වීඩියෝවක් විශාල වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවය.

Continue Reading

විදෙස්

අධික උෂ්ණත්වයෙන් ග්‍රීසියට දැඩි බලපෑම්

Published

on

By

ග්‍රීසියට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් සංචාරක ගමනාන්ත හා පාසල් රැසක් වසා දමා තිබේ.

සෙල්සියස් අංශක 43 කට වැඩි උෂ්ණතත්වයක් ග්‍රීසියෙන් වාර්තා වේ.

මේ හේතුවෙන් ප්‍රසිද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකක් වන පාර්තෙනොන්  ඇතුළත් ඇක්‍රොපොලිස් කඳුකරය ඊයේ දහවල් සිට වසා දමා ඇත.

ඇතැන්ස් නගරයේ බොහෝ ප්‍රාථමික පාසල් හා ළදරු පාසල් ද දින දෙකක් වසා තබන ලෙසටයි දැනුම් දී තිබේ.

ග්‍රීසිය යනු දේශගුණික අර්බුදයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ යුරෝපීය රටවලින් එකකි.

එය මෙවර මුහුණ දෙන්නේ ග්‍රීෂ්ම සෘතුවේ ප්‍රථම තාප තරංගයටයි .

මේ තත්ත්වය හේතුවෙන් සෞඛය කාර්ය මණ්ඩල හා වෛද්‍යවරුන් මේ වන විට ස්ථානගත කර තිබේ.

උතුරු අප්‍රිකාව හරහා හමා එන උණුසුම් වාතය හා දූවිලි අංශු හේතුවෙන් මෙම උෂ්ණත්වයේ වැඩිවීම සිදුවේ.

Continue Reading

විදෙස්

G7 සමුළුව ඇරඹේ

Published

on

By

මෙවර ඉතාලියේ පැවැත්වෙන G7 සමුළුවට සහභාගී වීම සඳහා ලොව ධනවත්ම රටවල් හතේ නායකයින් ඉතාලියේ Puglia වෙත පැමිණ ඇත.

විදෙස් වාර්තා පවසන්නේ, ඉතාලි අගමැතිනී Giorgia Meloni ඔවුන්ව ඉතා උණුසුම් අන්දමින් පිළිගෙන , සාම්ප්‍රදායිකව ලබා ගන්නා කණ්ඩායම් ඡායාරූපයට පෙනී සිට ඇති බවයි .

කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල නියෝජිතයන් G7 සමුළුව ට සහභාගී වන අතර, මෙවර න්‍යාය පත්‍රයට අනුව යුක්‍රේනයේ සහ ගාසා තීරයේ යුද්ධ ඇතුළු ගැටළු සාකච්ඡා කරනු ඇති බව සඳහන්ය.

G7 සමුළුවට අප්‍රිකාවේ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ නායකයින් ද සම්බන්ධ වන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා පැවැත්වෙනු ඇත.

මේ අතර මෙවර සමුළුවට ප්‍රධාන ආධිතයා ලෙස අති උතුම් ෆ්‍රන්සිස් පාප් වහන්සේද සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved