විදෙස්

කල් පැනපු කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10ක් විනාශ කරන්න යයි!

Published

on

කල් ඉකුත් වූ මොඩර්නා කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10.3 ක් විනාශ කිරීමට ස්විට්සර්ලන්තයට සිදුවනු ඇතැයි වාර්තා වේ.

ඊයේ දිනයේදී එරට සෞඛ්‍ය අමාත්‍යංශය එරට ජාතික පුවත් ඒජන්සිය වන Keystone-ATS වෙත පවසා තිබුණේ පසුගිය බදාදා දිනයේදී මෙම එන්නත් කල් ඉකුත් වීමෙන් අනතුරුව ඒවා විනාශ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

මෙම එන්නත් අතුරින් මාත්‍රා මිලියන 2.5ක් ස්විට්සර්ලන්ත හමුදා සැපයුම් කඳවුරක ගබඩා කර ඇති බවත්, තවත් මාත්‍රා මිලියන 7.8ක් බෙල්ජියමේ ගබඩාවක ඇති බවත්ය.

මෙම මාත්‍රා වල වටිනාකම ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 280ක් පමණ බව පැවසේ.

පසුකාලීනය අකාර්යක්ෂම බව ඔප්පු විය හැකි එන්නත් මත යැපීම වැළැක්වීමට හා බෙදාහැරීම් ගැටළු මගහැරීමට ස්විට්සර්ලන්තය විසින් විවිධ නිෂ්පාදකයින්ගෙන් එන්නත් මාත්‍රා ඇණවුම් කර තිබුණි.

කෙසේවෙතත්, mRNA තාක්ෂණය මත පදනම් වූ මොඩර්නා හා ෆයිසර් වැනි එන්නත් සාර්ථක බවට ඔප්පු වීමත් සමග ස්විට්සර්ලන්තයේ විශාල එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ඉතිරි විය.

පසුගිය ජුනි මාසයේදී එරට Swissinfo ප්‍රවෘත්ති වෙබ් අඩවිය ඇස්තමේන්තු කර තිබුණේ මේ වසර අවසානයට පෙර කල් ඉකුත් වන, විවිධ නිෂ්පාදකයන්ට අයත් වැඩිපුර කොඩිඩ් මාත්‍රා මිලියන 38 ක් ස්විට්සර්ලන්තයේ පමණ තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version