විදෙස්

TikTok ලෙඩ වෙයි

Published

on

TikTok හි මව් සමාගම වන ‘ByteDance’ හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ බහුතරයක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

60 දෙනෙකු පමණ ඊයේ (30) මෙලෙස ආමාශයික රෝග ලක්ෂණවලින් සිට ඇති අතර ඉන් 57 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලද බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා නිලධාරීන් විමර්ශන කටයුතු සිදුකරන බව සඳහන්ය.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ByteDance කාර්යාලවල කිසිදු ආහාරයක් පිසිනු නොලබන බවත් ඊට ආහාර සැපයීම තුන්වන පාර්ශ්ව ඔස්සේ සිදුවන බවය.

කෙසේ නමුත් උද්ගත වූ තත්ත්වය හමුවේ කාර්යාල පරිශ්‍රයට ගිලන්රථ 17ක් යවා රෝගාතුර වූවන්ට ප්‍රතිකාර කිරීමට පියවර ගත් බවයි වාර්තා වේ.

Trending

Exit mobile version