Connect with us

විදෙස්

XVI වැනි බෙනඩික්ට් පාප් වහන්සේ අවසන් ගමන් යති (වීඩියෝ)

Published

on

ශුද්ධෝත්තම XVI වන බෙනඩික්ට් පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය අද (05) දින වතිකානුවේදී සිදුවියත

මෙහි මුලසුන දරනු ලැබුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසිනි.

ජීවිතාන්තය දක්වා දැරිය හැකි නිලය අත්හැර සිය තනතුරෙන් ඉල්ලා අස් වූ පළමු පාප් වහන්සේ ලෙස  ශුද්ධෝත්තම XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ සැලකේ.

(වීඩියෝ : බීබීසී ලෝක සේවය)

විදෙස්

ස්පාඤ්ඤ ගංවතුරින් මියගිය ගණන 150 දක්වා ඉහළට

Published

on

By

වසර ගණනාවකින් පසු ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 150 දක්වා ඉහළ ගොස් තිබේ.

ඩ්‍රෝනා යොදා ගනිමින් ගලවාගැනීමේ නිලධාරින් 1200ක් පමණ මේ වන විටත් සහන මෙහෙයුම්වල නිරතවන බව විදෙස් වාර්තා පවසයි.

විපතට පත් වූවන් නිරීක්ෂණය සඳහා අග්‍රාමාත්‍යවරයා එක්වී ඇති අතර අවශ්‍ය සහන කටයුතු කඩිනමින් සලසන ලෙසයි බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

කෙසේ වෙතත් සංවර්ධිත යුරෝපීය රටක් වන ස්පාඤ්ඤයේ ගංවතුර ඇතිවීමට පෙර ඒ පිළිබඳ ජනතාවට දැනුවත් කිරීම සඳහා නිලධාරීන් අපොහොසත් වීම පිළිබඳව කනස්සල්ලක් මතුව තිබේ.

මේ වන විට මෙම අධික ගංවතුර තත්වයෙන් ඇතිවී තිබෙන හානිය පිළිබඳව ගණනය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති නමුත් අතුරුදන් වූ පුද්ගල සංඛ්‍යාව නිවැරදිව සඳහන් කළ නොහැකි බවයි බලධාරීන් පවසා ඇත.

Continue Reading

පුවත්

චීනයේ ෂෙන්ජෝ-19 යානය අභ්‍යවකාශගත කිරීම (ඡායා)

Published

on

By

චීනයේ ෂෙන්ජෝ-19 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය ඔක්තෝබර් 30 වැනිදා බෙයිජිං වේලාවෙන් පෙ.ව. 4.27ට ජියු-චුඇන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට දියත් කෙරේ.

මෙම දියත් කිරීමේ වැඩසටහනේ සජීව විකාශය මෙසේය.

ෂෙන්ජෝ-19 කාර්යමණ්ඩලය ලෙස එක්වන ගගණගාමීන් තිදෙනා ඔක්තෝබර් 29 වැනිදා මාධ්‍ය හමුවකටද එක්විය.

ත්සයි ෂූජ මහතා මෙහි ප්‍රධාන අණදෙන නිළධාරියා ලෙස කටයුතු කරන අතර, සොං ලිංඩොං මහතා හා වං හඕස මහත්මිය මෙහි සෙසු කාර්ය මණ්ඩලය ලෙස ක්‍රියාකරයි.

දැනට චීනයේ සිටින එකම කාන්තා අභ්‍යවකාශ පියාසර ඉංජිනේරුවරිය වන වං මහත්මිය, අභ්‍යාවකාශගත වන තෙවැනි චීන කාන්තාව ලෙසද ඉතිහාසගත වේ.

මොවුන් මෙලෙස අභ්‍යවකාශගත වන්නේ සය මසක මෙහෙයුම් කාලයක් සඳහාය.

ෂෙන්ජෝ-19 මෙහෙයුම දියත්කිරීමට අදාලව, පසුගිය දින කිහිපය පුරාවටම සිදුවූ පූර්ව පරීක්ෂණ හා සූදානම් කිරීම්, මේ වන විට අවසන් වී තිබේ.

මේ අතර, තවමත් ටියැංගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ෂෙන්ජෝ 18 කාර්ය මණ්ඩලයද, සිය වැඩකටයුතු නිමා කරමින්, යළි පෘථිවියට පැමිණීමට සූදානම් වෙමින් සිටියි.

සජීවී නැරඹීමට

Continue Reading

පුවත්

හිස්බුල්ලා හි නායකත්වයට ශෙයික් නායිම්

Published

on

By

ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රහසිගත ස්ථානයක සිට, වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින්, ෂෙයික් නායිම් කසීම් පවසා ඇත්තේ, හිස්බුල්ලා සාමාජිකයන්ට එරෙහිව පළමු ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායලය බවත්, හිස්බුල්ලා සංවිධානයට නොව, වන්දි ගෙවීමට සිදුවනු ඇත්තේ ඊශ්‍රායලයට බවත්ය.

ඉරානයේ අනුග්‍රහය ලබන ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන ෂෙයික් නායිම් කසීම් මේවන විට එම සංගමයේ වසර 30 ක් කටයුතු කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved