ඉරාන – ඊශ්‍රායල යුද්ධය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර ඇතැයි වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන කාල සීමාවේදී ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බවය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඉරානය සිදුකළ පහරදීමට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානම් බවය.
ඒ අනුව ඉරානය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමට එරෙහිව බලගතු ප්‍රචාරයක් දක්වන ලෙස තමන් ඊශ්‍රායල හමුදාවට උපදෙස් ලබා දුන් බවද ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.
(පෙර පුවත : පස්වරු 1.08 – 2025/06/24 )
ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයට එකඟ වෙයි
ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් තහවුරු කර තිබේ.
ඒ එරට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා නිවේදනයක් නිකුත් කරමින්.
මේ අතර,,ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සටන් විරාමය ආරම්භ වී ඇති බවයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර, සටන් විරාමය ක්‍රියාත්මක බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් පවසා තිබූ පසුබමක ෙදෙරට එම සටන් විරාමයට එකඟතාවය පළ කර තිබේ.