Connect with us

පුවත්

ජනපතිගේ පරීක්ෂණය ගැන අජාන් හිමිග‌ේ මතේ (වීඩියෝ)

Published

on

තමන්ට පසුගිය දා කටුනායක ගුවන් තොටුපළේ දී  මුහුණ දීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා විමර්ශනයක් ආරම්භ කරන්නට යන බව දැන ගත් බවත්, මෙම සුළු සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් කිරීම වෙනුවට මෙවැනි වැරදීම් අතපසු වීම් සිදු නොවන පසුබිමක් රට තුළ නිර්මාණය කිරිම ජනාධිපතිවරයා විසින් කළ යුතු ඇති බවත් අජාන් බ්‍රහ්මවංසෝ හිමියෝ පවසති.

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පිහිටි සිය බෝධිඥාණ ආශ්‍රමයේ පැවැති දේශනයකදී මේ ගැන සඳහන් කර ඇති එහිමියෝ ජනතාවට සමාව දෙන තරමට ඔවුන් අතින් සිදුවන වැරදි අවම කරවිය හැකි බව ප්‍රකාශ කළහ.

අජාන්  අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් එහිදී දැක්වූ අදහස් මෙසේය.

“ ඔබ දන්නවා මම පසුගියදා ආවේ ශ්‍රි ලංකාවේ ඉඳන්. ඒ එන අතරේ මට සිදුවූ සිදුවීම ගැන දන්නවා ඇති. මම ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රසිද්ධයි. පසුගිය දවස්වල මම එහි භාවනා වැඩ සටහන් ධර්ම දේශනා රැසකට සහභාගී වුණා. ඒ සඳහා භික්ෂූ භිකෂුණි සහ උපාසක උපාසිකාවන් රැසක් සහභාගී වුණා. මම පැවැත්වූ එක් දේශනයකට 7000ක් පමණ සහභාගී වුණා. ඉතින් මට ආපසු ඔස්ට්‍රේලියාවට  එන ගමනේ දී වී.අයි.පී වරප්‍රසාද යටතේ ගුවන් තොටුපළට ආවා. අවාමයි දැක්කේ ඒ වි.අයි.පී පර්යන්තය මැෂින් තුවක්කු ගත්ත ආරක්ෂකයන්ගෙන් පිරිල තිබුණා. කෙනකුට ඇවිදින්නවත් බැරි තරමට. ඊට පසුව දැන ගත්තා තායිලන්තයේ පැවැත්වෙන ලොකු උත්සවයකට ශ්‍රි ලංකාවේ අගමැති තුමා යන නිසා එතන ආරත්ෂකයන් සිටියා කියලා.

මම මේ වී අයි පී පර්යන්තයේ සිට අදාළ ගුවන් ගමනේ පිරිවිතර සම්පූර්ණ කළා. බෝඩිං පාස් ලබා ගත්තා. දැන් ගුවන් යානයට ඇතුළු වීමට වෙලාව හරි. මම එතන සිටින අයට මේ පිළිබඳව දැන්වූවා.  ඔවුන් මට කිව්වේ සියලු දේම හරි යට සිද්ධ වෙයි.  අජාන් බ්‍රාහ්ම් හාමුදුරුවනේ කලබල නොවී ඉන්න කියල.

නමුත් මට තේරුණා ගුවන් යානයේ වෙලාව දැන් ඉක්ම යාමටත් නියමිත බව. ඒ වෙලාවේ එක් සේවිකාවක් මාව ගුවන් යානය වෙත කැඳවාගෙන ගියා.  අපේ ගුවන් යානයේ පිවිසුම් පාලමට කිට්ටු වනවාත් සමඟ එම පිවිසුම පාලම ගුවන් යානයේ පිටතට ඉවත් කර ගත්තා.  දැන් කරන්න දෙයක් නැහැ. මා සමඟ ගිය නිලධාරිනිය මහ හයියෙන් සිංගප්පූරු ගුවන් සේවයේ නිලධාරියකු සමග වාද කරනවා. අජාන් බ්‍රහ්ම් හාමුදුරුවන්ට ගුවන් ගමන මඟ හැරීම ගැන එයා කෑ ගහනවා. නමුත් ටික වෙලාවකින් මා බලා  සිටියදීම ගුවන් යානය පිටත් වුණා. කරන්න දෙයක් නෑ. මට අනපේක්ෂිත අර්බුදයකට මුහුණ දෙන්න සිදුවුණා.

අවසානයේ මට ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන් වුණා.

මට මේ හාමුදුවන් දැන්වූවා ඔබ වහන්සේගේ ගුවන් ගමන් ප්‍රමාදය ගැන ශ්‍රි ලංකා ජනාධිතිවරයා විශේෂ පරීක්ණෂයක් සිදු කිරීමට තීරණය කරල තිබෙනවා කියල වෙබ් අඩවියක පළ කර තිබෙනවා. වී අයි පී පර්යන්තයෙන් ගිය අජාන් බ්‍රාහ්ම් හිමියන්ට ගුවන් යානය මඟ හැරීම ගැනයි මේ පරීක්ෂණ්සනය.

මම එච්චර ලොකු කෙනෙක නෙවෙයි. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ජනාධිපතතුමා කළ යුත්තේ මගෙ ගුවන් ගමන මඟ හැරීමට  ගැන  පරීක්ෂණ කිරීම වෙනුවට මෙලෙස අත්වැරදීම් සිදුකිරීම මඟ හැරීමට අවශ්‍ය වැඩ පිළිවෙළක් යෙදීමයි. එහිදී මම යෝජනා කරන්නේ මේ අත් වැරදීම්වලට මිනිසුන්ට ඉඩ දෙන, සමාව දෙන යාන්ත්‍රණයක් හැදීම.

මිනිසුන් ගෙ අත්වැරදීම්වලට ඉඩ දෙන තරමට ඔවුන්ට සමාව දෙන  අය අතින් යළි යළි වැරදි සිදුවෙනවා අඩුයි.”

සබැදි පුවත්

අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් රස්තියාදු කළ නිලධාරීන්ට වැඩ වරදී

බ්‍රහ්මවංශ හිමි යන්න හිටියේ අපේ ගුවන්යානයක නෙවෙයි – ශ්‍රීලංකන් (Update)

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved