Connect with us

පුවත්

සබ්රිගේ ගෙදර ගෝඨා අරගෙන !

Published

on

තනතුර අතහැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත රජයෙන් නව නිල නිවසක් ලබා දි ඇති අතර කොළඹ 7 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පිහිටි එම නිවසේ ඔහු මේ වන විට පදිංචිව සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

ඔහු රටින් පළා ගොස් නැවත පැමිණීමෙන් පසු රජයෙන් දුන් බෞද්ධාලෝක මාවතේ නිවස නිතර ඝෝෂාකාරී බැවින් ඔහු එම නිවසට අකමැතිවී ඇති අතර මෙම තත්ත්වය සළකා අදාළ නව නිවස ලබා දි ඇති බව සඳහන් වේ.

රාජපක්ෂ මහතා, අලුතින් පදිංචි වූ ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ නිවස විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාට වෙන් කර නිවස බවද පැවසේ.

ඔහු සමඟ එකඟතාවයෙන් නව නිවස රාජපක්ෂ මහතාට ලබා දී ඇති බවද වාර්තා වේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි, ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නීතිඥයා වන අතර ඔහු දේශපාලනයට කැඳවූයේ ද හිටපු ජනාධිපතිවරයා ය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා හා ගුවන් හමුදාපතිවරයාගේ නිල නිවස පිහිටා ඇත්තේ ද එම නිවසට ආසන්නයේ ය.

ක්‍රීඩා

ලංකාවට තවත් පදක්කමක්

Published

on

By

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 4×400 ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී දිනූ තෙවන පදක්කම මෙය වේ.

Continue Reading

පුවත්

ජපාන විදේශ ඇමතිනි ලංකාවට

Published

on

By

දෙදින නිල සංචාරයක් සදහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය ලබන මැයි 04 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

එම සංචාරයේදී ඇය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සමග ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එසේම ඇය කොළඹ වරායේ නිරීක්ෂණ සංචායකට ද එක්වීමට නියමිත බව ද වාර්තා වේ.

ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගත කරණයට අදාළ අවසන් ගිවිසුම සම්බන්ධයෙන්ද ඇය සමග සාකච්ඡා කිරීමට මෙරට බලධාරීන් සූදානමින් සිටින බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Continue Reading

පුවත්

ජනපතිවරණය ප්‍රකාශ කලොත් දින 50ක් ඕන ඡන්දය තියන්න

Published

on

By

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට දින 50ක් පමණ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා කියයි.

ඒ මහතා සති අන්ත පුවත්පතකට මේ බව පවදා ඇති අතර යම් හෙයකින් එළඹෙන මැයි මාසය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් දින 60ක (මාස දෙකක) කාලයක් තුළ මහ මැතිවරණය පැවැත්විය හැකි බවද පවසා තිබේ.

එසේම, ඉදිරියේ ජනාධිපතිවරණයක් නියමිතව තිබියදී මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් නියමිත කාල වකවානු අනුව එම මැතිවරණ දෙකම පැවැත්වීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved