Connect with us

පුවත්

අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් රස්තියාදු කළ නිලධාරීන්ට වැඩ වරදී

Published

on

ලෝක පූජිත අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ පැය 12ක් රස්තියාදු කිරීමට වගකිවයුතු නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා දඬුවම් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් 31දා අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට වැඩම කර සිටිය ද උන්වහන්සේ නියමිත ගුවන් යානය වෙත රැගෙන නොයාම හේතුවෙන් පැය දොළහකට අධික කාලයක් එහි රස්තියාදු වීමට සිදු වූ අතර පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත්කර යවා තිබිණි.

අදාළ සිද්ධිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සැලවීමෙන් අනතුරුව ඒ ගැන සොයා පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ.

ලෝකයම පිළිගත් මහා තෙර නමකට සිදු වූ අපහසුතාවය වෙනුවෙන් කනගාටුව පළ කරන බවත් ඊට වගකිව යුත්තන්ට විනය පියවර ගැනීමට තමා දැනුම් දුන් බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.

(ලංකාදීප)

සබැඳි පුවත් :

බ්‍රහ්මවංශ හිමි යන්න හිටියේ අපේ ගුවන්යානයක නෙවෙයි – ශ්‍රීලංකන් (Update)

පුවත්

රජයේ ලොක්කෝ වාහන පර්මිට් විකුණයි

Published

on

By

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක තුනකට වාහන අලෙවිකරුවන්ට විකුණා ඇතැයි වාර්තාවේ.

මෙම වාහන බලපත්‍රය ලබාදී තිබුණේ විදේශයෙන් වාහන ආනයනය තහනම් කිරීමට පෙරය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙර රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

මන්ත්‍රීවරුන්ට මුලින්ම වාහන බලපත්‍රය ලබා දුනහොත් වැරදි මතයක් සමාජගත විය හැකි හෙයින් මුලින්ම රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදීමෙන් පසු මන්ත්‍රීවරුන්ට බලපත්‍රය ලබාදීම සුදුසු බවට විවිධ පාර්ශ්ව රජයට යෝජනා කර ඇත.

එසේම රජයේ සේවකයන්ට ලබා දෙන වාහන බලපත්‍රයට සමාන වාහන බලපත්‍රයක් හෝ තමන්ට ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකුට ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම ලක්ෂ විසිපහකට ආසන්නය.

වාහන ආනයනය තහනම් කිරීමක් සමග රජයේ බොහෝ විධායක නිලධාරීන් පිරිසකට එම වාහන බලපත්‍රය ළඟ තබාගෙන බලා සිටීමට සිදුවී ඇතැයි කියති. ඒ පිරිස අතර වෛද්‍යවරු ඉංජිනේරුවරු ඇතුළු වෘත්තිකයෝ දහස් ගණනක් වෙති.

(ලංකාදීප)

Continue Reading

පුවත්

විදුලිබිල 20%කින් අඩුවේ?

Published

on

By

විදුලිබල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිබිල තවත් 20%කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.

එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ  මහතා   ප්‍රකාශ කරන්නේ,   විදුලිබල මණ්ඩලය ලබා ඇති අසීමිත ලාභය සැලකිල්ලට ගෙන  විදුලිය බිල 20%කින් අඩුකර එම සහනය  ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින සාමාන්‍ය මහජනතාවට මෙන්ම කර්මාන්තකරුවන්ට  නොපමාව ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය වහා පියවර ගත යුතු බවයි.

ජනතාවගේ ආර්ථික අපහසුතා එමගින් යම් මට්ටමකට අඩු කළ හැකි වෙතැයි  විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

විදුලි බල උත්පාදනයේදී ජල විදුලි බල දායකත්වය පසුගිය වසරේ මුල් භාගයේදී  ඉහළ යෑම  මණ්ඩලයේ  මූල්‍ය කාර්ය   සාධනය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇතිබව  කමිටුව පෙන්වා දෙයි.

පසුගිය වර්ෂයේ දී විදුලිබල මණ්ඩලය ලැබූ සමුච්චිත ලාභ ප්‍රමාණය රුපියල් කෝටි 6000 ක් බවත්,

2024 ජනවාරි පෙබරවාරි මාස දෙකේදී ලැබූ  රුපියල් කෝටි 5100 ක මුදලද  ඇතුළත්ව 2024 මාර්තු 31 වනවිට රුපියල් කෝටි 8200 ක ලාභයක් උපයා ඇති බවත් එම කමිටුව සඳහන් කරයි.

Continue Reading

පුවත්

බිත්තර ආනයනය නැවතත්

Published

on

By

බිත්තර ආනයනය කිරීමට නැවත රජය විසින් පියවර ගෙන තිබේ.

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දේශීය බිත්තර නිෂ්පාදකයන් බිත්තර හිඟයක් නිර්මාණය කරමින් බිත්තර මිල ඉහළ නංවා ඇති බවත්,

ඒ හේතුවෙන් නැවත බිත්තර ආනයනය ආරම්භ කරන ලෙස රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයාවිසින්  වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved