Connect with us

පුවත්

ශ්‍රී ලාංකික දෙමළ ජනතාව‌ට තමිල්නාඩුවෙන් නොමිලේ ගෙවල්

Published

on

තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා විසින් සිය ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් සඳහා අලුතින් ඉදිකරන ලද නිවාස 1,591ක් බෙදාහැරීම ඊයේ (17) ආරම්භ කර තිබේ.

මෙම උත්සවය වෙල්ලෝරයේ මෙල්මනවූර් ග්‍රාමයේ පිහිටි ශ්‍රී ලංකා පුනරුත්ථාපන කඳවුරේ පැවති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම නිවාස ලැබීම පිළිබඳව තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක් පුරා පැතිරී ඇති පුනරුත්තාපන කඳවුරු 19ක් ආශ්‍රිතව සිටින ප්‍රතිලාභීන් සිය සතුට අන්තර්ජාලය ඔස්සේ පළ කර තිබේ.

මේ වන විට  තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් 19,498ක් එම ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 29ක් පුරා පැතිරී ඇති පුනරුත්තාපන කඳවුරු 104ක් ආශ්‍රිතව ජීවත් වේ.

මොවුන් සඳහා අදියර කිහිපයක් යටතේ ඉන්දීය රු. කෝටි 342ක වියදමෙන් නිවාස 7,469ක් ඉදිකිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

2021 නොවැම්බර් මාසයේදී ඇරඹුනු මෙහි පළමු අදියර යටතේ රු. කෝටි 176.02ක වියදමෙන් නිවාස 3,510ක් ඉදිකරෙනු ඇත.

(මූලාශ්‍රය : ද හින්දු)

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

පුවත්

බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක්

Published

on

By

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බව නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මුලස්ථානය පවසයි.

එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් යෝජනා කරමින් කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද සඳහන් වේ.

සබැඳි පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අධිකරණ නියෝගයක්

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට

Published

on

By

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බවය.

එම සැකකකරුවන් සිව් දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙන බව එරට ආරක්ෂක අංශ පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved