Connect with us

පුවත්

චීන ජනපති වියට්නාමයේ සංචාරයක

Published

on

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා වියට්නාමයේ හැනොයි අගනුවරට සැපැත්වෙමින් ඔහුගේ වියට්නාම් නිල සංචාරය අද (12) ආරම්භ කළේය.

චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ වියට්නාමයට පැමිණියේ වසරහයකට පසුව යැි පැවැසෙයි.

හැනොයි අගනුවරට පැමිණි චීන ජනාධිපතිවරයාට එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබිණි.

වියට්නාම් කොමියුනිසිට් පක්ෂ මහ ලේකම් න්ගුවෙන් පූ ත්‍රොංග්, කොමියුනිසිට් පක්ෂ සභාපති වෝ වැංග් තඔන්ග් සහ වියට්නාම අග්‍රාමාත්‍ය පැම් මිං චිං සමඟත් චීන ජනාධිපති ෂී ජින්පින් සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තාවල දැක්වේ.

චීනය මෙන්ම වියට්නාමය ද ආසියාවට අයත්, කොමියුනිසිට් රටවල් ලෙස සැලැකේ.

වියට්නාමය සමඟ පවතින මිතුදම් තවත් ශක්තිමත් කර  ගනිමින්, දෙරට අතර ශක්තිමත් සහයෝගයක් පවත්වා ගැනීම මෙම වියට්නාම් සංචාරයේ අරමුණ යැයි චීන ජනාධිපතිවරයා පවසා තිබේ.

වියට්නාමයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා චීන ජනාධිපතිවරයාගේත් චීන රජයේත් අවධානය යොමු වී ඇතැයි ද පැවසේ.

වියට්නාමයේ වරාය, දුම්රිය, මාර්ග සංවර්ධනය ආදී ව්‍යාපෘති රැසකට ද චීනය මැදිහත් වී ආධාර ලබා දීමට උනන්දුවෙන් පසුවෙන බව වාර්තා වේ.

මේ අතර, චීන ජනාධිපතිගේ ෂී ජින්පින්ගේ වියට්නාම සංචාරයට එරෙහිව හැනොයි අගනුවර විරෝධතා රැලියක් ද පැවැති බවද විදෙස් වාර්තාවල දැක්වේ.

වියට්නාමයේ චීන විරෝධී ක්‍රියාකාරීන් විසින් අදාළ රැලිය පවත්වා ඇති බව පැවසේ.

වියට්නාමය අසල්වැසි කලාපීය රටවල් සමඟ නොව ඇමෙරිකාව ද ඇතුළු බටහිර රටවල් සමඟ ද සමීප මිතුදම් පවත්වාගෙන යන රටකි.

මීට මාස කීපයකට පෙර, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද වියට්නාමයේ සංචාරයකට එක් විය.

පුවත්

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමේ

Published

on

By

අද උදෑසන සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ, හෙට (17) උදෑසන 6 දක්වා බලපැවැත්වෙන පරිදිය.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඒ බව දැනුම්දෙයි.

මලිතගොල්ල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක එම මාර්ගයේ පවතින අවදානම් තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජනතාවට දැනුම්දෙයි.

Continue Reading

පුවත්

සුරක්ෂා රක්ෂණය නැවතත්

Published

on

By

සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

2017 වසරේ ආරම්භ කෙරුණු සුරක්ෂා රක්ෂණය 2022 වසරේ දී  නවතා දැමිණි.

රටේ දරු පරපුර ගැන සිතමින් සුරක්ෂා රක්ෂණය ආරම්භ කිරීම  කාලෝචිත කාරණයක් බව කී මාරසිංහ මහතා පාසල් වයසේ සිටින දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සඳහා මෙමගින් මනා පිටුවහලක් ලැබෙන බව සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩල තීරණය සඳහන් පරිදි රක්ෂණය සම්බන්ධ විශේෂඥ දැනුමක් තිබෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතනයක් සුරක්ෂා රක්ෂණයට දායක කර ගැනීමට නියමිතව තිබෙන්නේ යැයිද මාරසිංහ මහතා කීය.

මෙම රක්ෂණය යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසි ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ තුනක් දක්වාත් , බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් විසිදහසක් දක්වාත්, අසාධ්‍ය රෝගී තත්ත්වයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15 දක්වාත් ප්‍රතිලාභ හිමි වෙන බව ආශු මාරසිංහ මහතා පැවසීය.

සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ විශේෂ පාසල සිසුන් සඳහා මෙම රක්ෂණාවරණය හිමිවන බවද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආශු මාරසිංහ මහතා කීය.

Continue Reading

පුවත්

සාපෙළ ලියූ සිසුන්ට විශේෂ නිවේදනයක්

Published

on

By

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා රජයේ පාසල්වල උසස් පෙළ පන්ති ලබන ජූනි මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ, ඊට අදාළ චක්‍රලේඛය සියලු‍ම පළාත්වල අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇති බවත් එම චක්‍රලේඛය ලැබී නොමැති විදුහල්පතිවරු සිටී නම් ඒ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසිය යුතු බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved