Connect with us

විදෙස්

චීනයේ නායයාමකින් 47ක් අතුරුදහන්

Published

on

අද (22) අළුයම චීනයේ යුනාන් පළාතේ ජාඕටොං නගරයේ සිදුවූ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 47 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත්  ක්‍රියාත්මක කර ඇති බව චීන මාධ්‍ය සඳහන් කරයි.

නිවාස 18ක පුද්ගලයන් 47 දෙනෙකු මෙලෙස අතුරුදහන් වී ඇති බව එරට CCTV රූපවාහිනිය වාර්තා කර ඇත.

විදෙස්

ඉරාන ජනපතිගේ අවමංගල උත්සවය ආරම්භ වේ

Published

on

By

අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්‍රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ විය.

ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ අවමංගල්‍ය උත්සවය අදියර කීපයකින් පැවැත්වීමට නියමිත බවය.

ජනාධිපති රයිසිගේ මෘත දේහය ආගමික නගරයක් වන කොම් වෙත රැගෙන ගිය අතර එරට වේලාවෙන් පස්වරු 4.30ට එම නගරයේදී සිදු කෙරෙන ආගමික චාරිත්‍ර ආරම්භ කෙරිණි.අනතුරුව ජනාධිපති රයිසිගේ මෘත දේහය සහ අනතුරින් මියගිය අනෙක් පුද්ගලයන්ගේ මෘත දේහ ගුවනින් ඉරාන අගනුවර වන ටෙහෙරාන් නගරය වෙත රැගෙන යාමට නියමිතය.

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි අවමංගල්‍ය උත්සවයේ යාඥා මෙහෙයවනු ලබයි.

එළඹෙන බ්‍රහස්පතින්දා දින උදෑසන රයිසිගේ දේහය දකුණු කොරසාන් පළාතේ අගනගරය වන බ්‍රිජාන්ද් වෙත රැගෙන යාමට නියමිත අතර එදිනම සවස් කාලයේදී දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී පැවැත්වීමට නියමිතය .

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා ඉරාන වැසියන් විශාල පිරිසක් එකතු වී සිටිති.

Continue Reading

විදෙස්

ඉරාන ජනපති මියගිය බව තහවුරු වෙයි

Published

on

By

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන – අසර්බයිජාන දේශසීමාව ආසන්නයේදී හෙලිකොප්ටර් යානය ඊයේ (19) පස්වරුවේ හදිසි ගොඩබෑමකට ලක්ව ඇතැයි වාර්තා විය.

එහෙත්, ඉන් අනතුරුව ඒ පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවීමත් සමග සෝදිසි මෙහෙයුම් ආරම්භ විය.

අනතුරට පත් හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර තිබිණි.

ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දොල්ලහන් සහ ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින් ඒ අතරට ඇතුළත් ය.

කලාපයේ පැවැති අපැහැදිලි කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට පත්වූ බව වාර්තා වේ.

Continue Reading

විදෙස්

මෙවර ජපානයේ festival උළෙල කමගයා නගරයේ දී

Published

on

By

මෙවර ජපානයේ festival උළෙල කමගයා නගරයේ දී අද (18) සහ හෙට (19) යන දෙදින පුරා ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබේ.

මෙම උළෙලෙහි සමාරම්භක දින වූ අද දින ජපානයේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති Matsumoto Hisashi මහතා, ශ්‍රී ලංකා ජපන් තානාපති රොඩ්නි පෙරේරා මහතා හා ශ්‍රී ලංකා සංගමයේ ජේෂ්ඨ උපදේශක සමන් ප්‍රියංකර මහතා ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

මෙහි පූර්ව ප්‍රචාරක කටයුතු ශින්කෙසේ විදුලි දුම්රිය සමාගම මඟින් සිදු කරනු ලැබු අතර මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ ජපානයේ ශ්‍රී ලංකා සංගමය, ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය සහ ජපාන ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය මගිනි. ‍‍‍‍

සඳහා ජපානයේ විදේශ අමාත්‍යංශය හා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම උළෙල සඳහා පූර්ණ සහයෝගය  ලබා දීම සිදුවිය.

තෙවනවරටත් පවත්වනු ලබන මෙම festival උළෙලෙහි කුටි 26කින් වර්ණවත් වන අතර ශ්‍රී ලංකාවේ විශේෂ කෑම වර්ග අච්චාරු, එළවළු රොටි, රොටි, වඩේ, කොත්තු, රස කැවිලි වර්ග ආදී විශාල ප්‍රමාණයක් දැකගත හැකි වූ අතර මෙම කෑම වර්ග සඳහා ජපන් ජාතිකයන් වැඩි උනන්දුවක් දැක්වූ අතර මීට අමතරව සංචාරක කර්මාන්තය, ආයුර්වේද හෝටල්, බතික්, මැණික්, ශ්‍රී ලංකාවේ අත්කම්, ශ්‍රී ලංකා රූපලාවන්‍ය හැඩගැන්වී පමණක් නොව ශ්‍රී ලාංකික උඩරට හා පහතරට නර්තනයන් ද මෙම උළෙල තුළ ප්‍රදර්ශනය විය.

එපමණක් නොව මෙහි තවත් සුවිශේෂී අංගයක් ලෙස ජපන් ජාතිකයන් විසින් ශ්‍රී ලංකා ධජය අතැතිව ඉදිරිපත් කරන ලද නර්තනයන් ද දැක්විය හැකිය.

මෙම festival උළෙල සඳහා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික පිරිස මෙන්ම ජපන් ජාතිකයන් ද විශාල පිරිසක් සහභාගි විය.

මෙවැනි උත්සව පැවැත්වීම තුළින් ශ්‍රී ලංකාව ලෝකය තුළ ව්‍යාප්ත කිරීම සිදු කරනු ලබන අතර එමඟින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු වීම සිදුවේ.

මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි ජපන් සංචාරකයන් පිරිස 10 000ක් පමණ වන අතර මෙවැනි උත්සව නිතර පැවැත්වීම තුළින් මෙම පිරිස තවත් වැඩි කරගත හැකිවන බවත් වසර අවසානය වන විට සංචාරකයන් 50 000ක් පමණ ගෙන්වා ගැනීම අරමුණ වන බව ශ්‍රී ලංකා සංගමයේ ජේෂ්ඨ උපදේශක සමන් ප්‍රියංකර මහතා පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved