Connect with us

පුවත්

අනිල් මොහාන්ලා LPL කණ්ඩායම් හිතුමතේට යළි තක්කඩියන්ට විකුණලා?

Published

on

ශ්‍රී ලංකා ප්‍රිමියර් ක්‍රිකට් T20 ලීගය දෙසැම්බර් මස 6 දා ආරම්භ කෙරෙන බවට නිවේදනය කළත් මේ දක්වා එහි කණ්ඩායම් පහේ අනුග්‍රාහකයන් හෙවත් කණ්ඩායම් අයිතිකරුවන් සොයා ගැනීමේ ගැටළුවක් පැන නැගී ඇති බව වාර්තා වේ.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා IPG සමාගම අතර වසර පහක් සඳහා අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමක් අනුව ක්‍රියාත්මක වේ.

ඒ අනුව එම ගිවිසුම 2024 දක්වා ක්‍රියාත්මක වන අතර මේ වන විට තරගාවලි තුනක් පවත්වා ඇත.

කෙසේ වෙතත් IPG සමාගමේ ප්‍රධාන විධායක අනිල් මොහාන් පවසන පරිදි මෙය පවත්වාගෙන යනු ලබන්නේ පාඩු පිටය.

මුල් තරගාවලියෙන් ඩොලර් මිලියන 2.4 ක ( රුපියල් මිලියන 500 ක) පාඩුවක් ලැබූ බව පවසන ඔහු ක්‍රීඩකයන් පීසීආර් පරීක්ෂණ වලට යෙදවීම හා යෙදුනු අමතර වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 31’ක් ක්‍රිකට් ආයතනය විසින් අඩු කරනු ලැබුවත් 2024 තෙක් පවත්වනු ලබන තරගාවලි වලින් ලබන්නට බලාපොරොත්තු වන ලාභයෙන් ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුළු මුදල ගෙවීමට නියමිත බවත් වාර්තා වේ.

පසුගිය තරගාවලි වල යාපනය, දඹුල්ල හා කොළඹ  කණ්ඩායම් අනුග්‍රාහකයන් සමග පැවති මත ගැටුම් හා විවිධ ප්‍රශ්න හේතුවෙන් ඒවායේ අනුග්‍රාහකයන් වරින් වර මාරුකරනු ලැබීය.

දඹුල්ල කණ්ඩායම වරක් මිළදී ගත් පුද්ගලයා ඉන්දීය පොලිසිය මගින් මුදල් විශුද්ධිකරණය යටතේ අත් අඩංගුවට ගන්නා ලදී.

මෙසේ කණ්ඩායම් මිළදී ගන්නා පුද්ගලයන් පිළිබඳව සොයා නොබැලීම මත ගැටලු රැසක් පැන නැගී තිබියදී ක්‍රිකට් ආයතනයද හරි හැටි දැනුවත් නොකර අනිල් මොහාන් කණ්ඩායම් අලුත් ගැනුම්කරුවන්ට විකුණන බවටද චෝදනා එල්ල වී තිබේ.

පසුගිය සමයේ ඇතැම් කණ්ඩායම් අයිතිකරුවන් ක්‍රීඩකයන්ට පොරොන්දු වූ මුදල් හා හෝටල් ගාස්තු පවා නොගෙවා කට්ටි පනිමින් සිටි බවත් කියවේ.

මේ අතර කොතරම් ආරක්ෂා විධි විධාන තිබුණත් තරග පාවා දීම් සිදුවූ බව ක්‍රීඩකයන්ම පවසා තිබේ.

අනිල් මොහාන් විසින් ක්‍රිකට් ආයතනයටත් ප්‍රිමියර් ලීගයටත් ඉන්දීය ඔට්‍ටු වෙබ් අඩවි වලින් අනුග්‍රාහකයන් ලබා ගැනීම පිළිබඳවද ගැටලු පැන නැගී ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාද මේ ගැන ප්‍රශ්න කළේය.

පුවත්

අද උෂ්ණත්වය “වැඩි අවධානය” මට්ටමක

Published

on

By

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී “වැඩි අවධානය” යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම, “වැඩි අවධානය යොමු කළයුතු” මට්ටමක පැවතිය හැකි බව අපේක්ෂා කරන බව සඳහන් වේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිය හැකි බව දැනුම් දී තිබේ.

මෙහිදී “වැඩි අවධානය” ලෙස නම් කර ඇති ප්‍රදේශවල ජනතාවට විජලනය, ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු පෙරළීම (heat cramp) සහ අධික උෂ්ණත්වය නිසා ඇති වන අධික මහන්සිය (heat exhaustion) ඇති විය හැකි බව දන්වා ඇත.

ඒ අනුව, තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරතවීම තුලින් ශරීරයේ උෂ්ණත්යව නියාමන ක්‍රියාවලිය අඩපන වීම නිසා ඇති වන ආඝාත තත්ත්වය  ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළයුතු බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Continue Reading

පුවත්

Fox hill අනතුරින් දිවි අහිමිවූවන්ට වන්දි

Published

on

By

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ 7 දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් ලබා දෙන බවය. 

ඒ අනුව තුවාල ලැබූ එක් අයෙකුට ලබා දෙන වන්දි මුදල රුපියල් 250,000ක්.

පසුගිය මස 21 වැනි දා පැවැති 2024 FOXHILL මෝටර් රථ ධාවන තරගය අතරතුර මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පෙරලී සිදු වූ අනතුරෙන් දැරියක ඇතුළු 7 දෙනෙකුට දිවි අහිමි වී තවත් පිරිසක් තුවාල ලැබුහ.

Continue Reading

පුවත්

කටුනායක වීසා නිකුත් කිරීම යළිත් VFS අතට

Published

on

By

කටුනායක ගුවන් තොටුපොළේ වීසා අංශයේ ඇති වූ දෝෂ නිවැරදි කිරීමෙන් පසුව එහි වීසා නිකුත් කිරීමේ කටයුතු වලින් තාවකාලිකව ඉවත් වූ VFS Global ජාත්‍යන්තර සමාගමට එම කටයුතු නැවත බාරදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසයි. 

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය මැයි 01 දින දා එම පරිශ්‍රය තුළ දැඩි උණුසුම්කාකාරී වාතාවරණයක් මතුවිය. 

ඒ වනතුරු  මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය සමාගම  VFS Global විසින් බාරගැනීමත් ඒ සමඟ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නව සමාගම අපොහොසත් වීම සමඟ නිර්මාණය වූ දිගු පෝලිම් සමඟින් මෙම උණුසුම්කාරී තත්ත්වය නිර්මාණය විය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසන්නේ, වීසා නිකුත් කිරීමේ කටයුතු මෙම සමාගමට පැවරීම සිදුවූයේ කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සමඟ බවය. 

එමෙන්ම මෙම විදේශීය සමාගම විසින් වීසා නිකුත් කිරීම බාරගත් අවස්ථාවේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වීද යන්න පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අදාල සමාගම විසින් වීසා නිකුත් කිරීම සිදුකරන අවස්ථාවේ කිසියම් පිරිසක් විසින් සාවද්‍ය තොරතුරු ලබා දී මෙම අවුල්සහගත තත්ත්වය නිර්මාණය කලේ ද යන සැකයක් මතුවී ඇති නිසා ඒ කෙරෙහි ද රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.

ලේකම්වරයා පැවසූවේ මතුවූ කාර්මික දෝෂ නිවැරදි කිරීමෙන් පසුව යලි වීසා නිකුත් කිරීමේ කාර්යය VFS Global සමාගම වෙත බාර දෙන බවය. 

මේ පිළිබඳව අදහස් දක්වන ආගමන විගමන දෙපාර්තුමේන්තු නිලධාරීන්ගේ සංගමයේ උපසභාපති ජයසිංහ බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ,

ආගමන විගමන පනත අනුව වීසා නිකුත් කිරීමේ කටයුතු සඳහා නීතිමය වගකීම පැවරී ඇත්තේ ආගමන විගමන නිලධාරීන්ට පමණක් බවය. 

හෙතෙම වැඩිදුරටත් පැවසූයේ ආගමන විගමන නිලධාරීන් විසින් වීසා නිකුත් කිරීම පැරණි ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය යටතේම සාමාන්‍ය පරිදි කරගෙන යන බවය. 

අදාළ සමාගම ඉන්දීය සමාගමක් නොවන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිය ද ආගමන විගමන නිලධාරීන් පෙන්වා දෙන්නේ නව දිල්ලියේ ඇති එහි කාර්යාලයකින් මෙම වීසා නිකුත් කිරීම සිදුවන බවයි.

( ලංකාදීප )

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved