Connect with us

පුවත්

මහජන බැංකුව අනතුරේ! ; තැන්පත් කරුවෝ සල්ලි අදියි

Published

on

මහජන බැංකුවේ පවතින ගිණුම් වහාම වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව රජයේ සියලු සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ “දිනමිණ” පුවත් පත වාර්තා කර තිබේ.

මීට අමතරව පෞද්ගලික ව්‍යාපාරිකයන් රැසක්ද මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත තම ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදු වනු ඇති දන්වා ඇතැයි එහි දැක්වේ.

එම බැංකුවේ වැඩ වර්ජන ආදිය නිසා දිගින් දිගටම ගැටලු මතු වුව හොත් සිය ව්‍යාපාරික කටයුතුවලට බලපෑම් එල්ල විය හැකි බැවින් කනගාටුවෙන් වුවද මේ තීරණය ගන්නා බව මහජන බැංකුවෙන් ඉවත්වීමේ තීරණය හේතුව වශයෙන් ව්‍යාපාරිකයෝ ජනපතිවරයාට දන්වා තිබේ.

මහජන බැංකුවේ සේවකයන්ද පෙරේදා (15) පැවැති වර්ජනයට එකතු වීම හේතුවෙන් සිය මූල්‍ය කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි වීමෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදු වූ බව සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් ඇමැති වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා ඇතැයි ද පැවසේ.

රජකාරි කටයුතු වෙනුවෙන් මහජන බැංකු වෙත ගිය සේවකයන්ට අවශ්‍යතා වෙනුවෙන් මුදල් ගැනීමට නොහැකි වූ බවත්, එම නිසා වෙනත් විකල්ප මාර්ග සෙවීමට සිදුවීමෙන් සේවාදායකයන් අපහසුතාවට පත් වූ බවත් රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයට පැහැදිලි කර දී තිබේ. 

එම නිසා අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකමින් සිය ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර, වෙනත් බැංකු වෙත මාරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.

මේ අතර, රජයේ සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ (16) මුදල් අමාත්‍යාංශයේදී අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බවද පැවසේ.

මහජන බැංකු ශාඛා වැඩ නැත්තේ 113යි – PMD

කෙසේවුවද, ජනාධිපති මාධ්‍ය අංශය වර්ජනය ක්‍රියාත්මක වූ පෙරේදා (15) නිවේදනය කර තිබුණේ මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා මහජන බැංකු ශාඛා 340න් 272ක් පූර්ණ ලෙස ක්‍රියාත්මක බව තහවුරු කර ඇති බවයි.

එසේම, පෙරවරු 10.30 වන විට කාර්‍ය මණ්ඩලයේ පැමිණීම 75% ඉක්මවූ බව ඒ මහතා පවසන්නේ යැයි එහි වැඩිදුරටත් දැක්විණි.

තැන්පත්කරුවෝ සල්ලි අදියි

මේ අතර, ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ මේ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මහජන බැංකුවේ මුදල් තැන්පත් කර ඇති පාරිභෝගිකයන් බොහෝවිට ඒවා ඉවත් කර ගැනීමට පෙළඹෙනු ඇති බවයි.

සබැඳි පුවත්

වර්ජනයේ තත්ත්වය ගැන PMDය කියන කතා 

PMDයේ අසාර්ථක උත්සාහය !

පුවත්

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල් යයි

Published

on

By

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ අතුරු ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශ නොකිරීමට අභියාචනාධිකරණය අද (07) තීන්දු කලේය.

මෙම පෙත්සමේ අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය අද (07)  ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

තමා ඉදිරි දිනවල විශ්‍රාම යාමට නියමිත හෙයින් මෙම නඩුවට අදාළ නියෝගය සකස් කිරීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් නොමැති හෙයින් සුදුසු තීරණයක් ගැනීම සඳහා එය අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා නියෝග කළේය.

ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ අදාළ පෙත්සම ලබන 14 වන දා කැඳවීමට දින නියම විය.

Continue Reading

පුවත්

විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩරයක් ඉන්දීය සමාගමට

Published

on

By

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධන කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2022.3.7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව එම සමාගම විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කරනු ලැබ තිබේ.

එකී කමිටුවේ නිර්දේශ මත පදනම්ව  යෝජිත ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝවොට් පැයකට ඇමරිකා ඩොලර් ශත 8.26ක අගය ( සැබෑ විනිමය අනුපාතය අනුව ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත් වසර විස්සක කාල සීමාවක් සඳහා M/s Adani Green Energy Limited වෙත විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩරය පිරිනැමීමටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

( ලංකාදීප )

Continue Reading

පුවත්

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහතික වේ.

Published

on

By

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලබා දී ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය 03 වැනිදා සිය සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවේදී නිවේදනය කරන ලදී.

මෙම පනත් කොටුම්පත 2024 අප්‍රේල් 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත විය.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත 2024 අංක 25 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත වශයෙන් පසුගිය 03 වැනිදා සිට බලාත්මක වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved