Connect with us

පුවත්

අලුත් පොලිස්පති දේශබන්දු

Published

on

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (16) මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත.

ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මේ බව දැනුම් දී තිබෙන අතර, නිල නොවන මට්ටමින් මේ පිළිබඳ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට සහ දේශබන්දු තෙන්නකෝන් වෙත ද දැනුම් දී තිබේ. 

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මෙම මස 23 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය.

(අරුණ)

පුවත්

සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් වර්ජනයක්

Published

on

By

සෞඛ්‍ය වෘත්තීය සමිති මැයි මස 09 වෙනිදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබේ.

ආර්ථික යුක්තිය ඉටුනොවීමට අදාළව වෘත්තීය සමිති 72කින් යුත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මීට මාස 4කට පෙර ද මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹුණි.

පසුව එය අප්‍රේල් මාසය තෙක් තාවකාලිකව නවතා දැමීම සිදුවූයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමාන ලබාදෙන බවට වූ ලිඛිත පොරොන්දුව මතය.

මෙතෙක් එම පොරොන්දුව නිසි ලෙස ඉටුනොවුන බව දන්වමින් නැවතත් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ, සම කැඳවුම්කරු, චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

රෝගීන්ට සිදුවන බලපෑම සලකා දීපව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කිරීම වෙනුවට 09 වෙනිදා සිට පළාත් වශයෙන් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල රාජකාරියෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන රෝහල් පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

  • මැයි 09 – උතුරු මැද පළාත
  • මැයි 13 – මධ්‍යම පළාත
  • මැයි 14 – සබරගමුව  පළාත
  • මැයි 15 – වයඹ පළාත
  • මැයි 16 – දකුණු පළාත
  • මැයි 20 – ඌව පළාත
  • මැයි 21 – බස්නාහිර පළාත

යනාදී වශයෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනු ඇත

Continue Reading

පුවත්

ලිට්‍රෝ ගෑස් සැපයුම ඉහළ නැංවීමට පියවරක්

Published

on

By

ලිට්‍රෝ ගෑස් ආයතනයේ මාබිම ප්‍රදේශයේ ඉදිකර ඇති ගෑස් පිරවුම් පර්යන්තය හෙට (08) දවසේ විවෘත කිරීමට නියමිතය.

රුපියල් බිලියනයක් ආයෝජනය කරමින් ඉදිකර ඇති මෙම නව පර්යන්තය තුළින් දිනකට සිලින්ඩර් හැටදහසක් බෙදාහැරීමේ හැකියාව පවතින බව ලිට්‍රෝ ආයතනය පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසූයේ,

“නව පිරවුම් පර්යන්තයක් හෙට විවෘත කරනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට. කෙරවලපිටිය පර්යන්තය ප්‍රමාණවත් නැහැ. දිනකට සිලින්ඩර් 60,000ක් නිකුත් කරනවා. දෙසැම්බර් සිට සතියට දවස් 2ක්. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වනවිට කෙරවලපිටිය හා මාබිම පර්යන්ත දෙකම වැඩ. කෙරලවලපිටිය නවත්වන්න ඕන වුණොත්. මාබිම සිට කාර්යක්ෂවම ගෑස් බෙදාහරින්න පුළුවන්.”

Continue Reading

පුවත්

විරෝධතාකරුවන් නිසා කොළඹ මාර්ගයක අවහිරතාවක්

Published

on

By

විරෝධතාවයක් නිසා කොළඹ ප්‍රධාන මාර්ගයක් අවහිර වී තිබේ.

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව මෙරට සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අනධ්‍යයන සේවකයන් විශාල පිරිසක් කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති.

මෙම විරෝධය හේතුවෙන් මේ වන විට පුරහල ප්‍රදේශයේ සියලු මාර්ග අවහිර වී ඇති බව සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved