පුවත්

ඉදිරියේදී බිත්තර හිඟයක් ඇති වන ලකුණු!

Published

on

ඉදිරි උත්සව සමයේදී බිත්තර හිගයක් ඇති විය හැකි බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වයට බිත්තර මිලට රජය විසින් පාලන මිලක් පැනවීම හා සත්ත්ව ආහාර හිගය හේතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ වන විට බිත්තර නිෂ්පාදකයින් 50%ක් පමණ බිත්තර නිෂ්පාදනෙයන් ඉවත්ව ඇති බවත් සභාපතිවරයා පැවසීය.

බිත්තර සඳහා පාලන මිලක් නියම කිරීමෙන් සිදුවන පාඩුව හේතුවෙන් බිත්තර නිෂ්පාදකයින් සතුන් මස් සඳහා අළෙවි කරමින් සිටින බවත් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

Trending

Exit mobile version