ලොව පළමු වරට ඩොලර් ට්‍රිලියනයක සන්නාම වටිනාකමකට හිමිකම් කීමට සමත් වූ සන්නාමය බවට Apple සමත්ව තිබේ.
ඒ බව ගෝලීය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Kantar’s BrandZ ඊයේ (12) දින නිවේදනය කලේය.
මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට ඩොලර් බිලියන 753 ක වටිනාකමකට හිමිකම් කියන Google සන්නාමය සහ තෙවන ස්ථානයට ඩොලර් බිලියන 712 ක සන්නාම වටිනාකමකට හිමිකම් කියන Microsoft සන්නාමය සමත්ව තිබේ.
2024 වසරේ දී ලොව ඉහළම වටිනාකමට හිමිකම් කියනු ලබන ගෝලීය සන්නාමය බවට ඇපල් පත්ව ඇත්තේ අඛණ්ඩව තෙවන වරට වීම විශේෂත්වයකි.