ශ්රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන තායිලන්ත සතිඅන්ත වෙළඳපොළ සැණකෙළිය ලබන 12 දා කොළඹ 07 සියාම් නිවසේදී (අංක 43, සී.ඩබ්.ඩබ්. කංනන්ගර මාවත, කොළඹ 07) පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබේ.
මෙම සැණකෙළිය එදින පෙරවරු 10.00 සිට සවස 3.00 දක්වා පැවැත් වේ.
සැණකෙළිය සඳහා නොමිලේ ඇතුල්විය හැකි අතර එහිදී තායිලන්ත ආහාර පාන රස විදීම මෙන්ම තායිලන්ත නිශ්පාදන මිලදී ගැනීමටත් විනෝදාත්මක වැඩසටහන්වලට සහභාගිවීමට ද අවස්ථාව ලැබේ.
මෙහිදී සජීවීව තායිලන්ත ආහාර පාන සැකසීම, තායි බොක්සිං, තායි පොප් නර්තන හා සංගීත සංදර්ශනයක් පැවැත්වීමට සංවිධානය කර තිබේ.