පුවත්

දේශීය කුකුල්මස් මිල අඩු කරන්න නිෂ්පාදකයන් සූදානම්!

Published

on

දේශීයව නිෂ්පාදනය කරන කුකුල් මස් කිලෝග්‍රෑමයක් රු. 100කින් අඩු කිරීමට සූදානම් බව කුකුළු කර්මාන්ත නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ ප්‍රධාන කුකුළු මස් නිෂ්පාදනකරුවන් අද (01) පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට වෙළෙඳපොළේ කුකුළු මස් මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ, ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති රු. 75ක ආනයනික බද්ද බවත්, එය රු. 25ක් දක්වා අඩු කරදෙන ලෙසත් ව්‍යාපාරිකයන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති අතර, ඒ අනුව මෙලෙස මිල අඩු කිරීමට එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටියි.

බඩඉරිඟු ආනයන බද්ද අඩු කිරීමේ යෝජනාව අද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසා ඇත.

එමෙන්ම රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහත වැටෙන අවස්ථාවල එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීම සදහා පියවර ගැනීමටත් කුකුළු මස් කර්මාන්තකරුවන් එකඟත්වය පළ කර ඇති බව වාර්තා වේ.

Trending

Exit mobile version