වෙළෙඳපොළේ බිත්තර මිල පාලනය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
මේ අතර, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා පවසා තිබුණේ රු. 55 කට බිත්තර අලෙවි කිරීම සඳහා සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළඳසැල් සඳහා බිත්තර තොග ලබා දී ඇති බවයි.
සිය සංගමය මගින් ලොරි රථ වලින් ගොස් ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළඳසැල් වලට බිත්තරයක් රු. 53 බැගින් ලබාදී ඇති බවත් සෘජුවම ගොවියාගෙන් මිලදී ගන්නේ නම් බිත්තරයක් රු. 50 ක මිලකට ලබාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසන ඔහු, මේ හේතුවෙන් වෙළඳපොලේ බිත්තර මිල ඉදිරි දින කිහිපයේදී පාලනය වනු ඇති බවත් පැවසීය.
ලබන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වනවිට බිත්තරයක් රු. 35ත් – 40ත් අතර මිලකට අළෙවි කිරීමට හැකි වනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.