ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ ආරක්‍ෂිත ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුව විසින් මෙරටට ඩොලර් මිලියන 150ක් අනුමත කර තිබේ.
ලෝක බැංකුවේ විධායක මණ්ඩලය එම අනුමැතිය ලබාදුන් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
ශ්‍රී ලංකා තැන්පතු රක්‍ෂණ යෝජනා ක්‍රමය කෙරෙහි අවධානය යොමු කරමින්, මෙරට මූල්‍ය අංශයේ ආරක්‍ෂිත ජාලයේ මූල්‍ය හා ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මඟින් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන කාන්තාවන් සහ පුද්ගලයන් ඇතුළු කුඩා තැන්පතුකරුවන්ගේ තැන්පතු ආරක්ෂා කර ගැනීමට හැකිවන බවත් එලෙස ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ විශ්වාසවන්තභාවය පවත්වා ගැනීම, රට වඩා යහපත් ලෙස නැවත ගොඩනැගීමට අවශ්‍ය තීරණාත්මක සාධකයන් වන බවත් ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ පැරිස්හේඩඩ් සර්වෝස්පෙන්වා මහතා එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
එම නිවේදනය පහතින් ;