පුවත්

යළිත් ගෑස් මිල අඩු වෙයි?

Published

on

ලබන මාසයේදී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව ගෑස් මිල අඩු කර හැකි බවය.

එමෙන්ම ලිට්‍රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බව ඔහු පැවසීය.

මේ වන විට ලිට්‍රෝ කිලෝගෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,280කට අලෙවි වන අතර එය ඔක්තෝබර් මස 05 වන දින රුපියල් 271කින් පහත දැමුණි.

Trending

Exit mobile version