පුවත්

ලබන සතියේ ලැබෙන ආනයනික ලුණු

Published

on

මෙරටට ලැබෙන පළමු ආනයනික ලුණු තොගය එළැඹෙන 27 වැනිදා මෙරටට ලැබීමට නියමිතය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් එලෙස ලැබීමට නියමිත බවය.

පසුගිය වර්ෂා සමයේදි මෙරට ලුණු ලේවායන්හි අස්වැන්නට සිදුවු බලපෑම් සැලකිල්ලට ගෙන, ලුණු ආනයනය කිරිමට රජය පියවර ගන්නා ලදී.

ඒ අනුව, ලබන 31 වැනිදා වන විට ලුණු මෙට්‍රික් ටොන් 12,500ක් ආනයනයට සැලසුම් කර තිබේ.

Trending

Exit mobile version