මෙරටට වාහන ගෙන්වීමේදී එවා සදහා බදු ගෙවීම ඩොලර්වලින් සිදු කිරීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අද (09) පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටේ වෙසෙන සෑම පුද්ගලයන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු පසුගිය වසර 05 තුළ විදෙස් රටවලින් වාහනයක් ගෙන්වා ඇති බව ඔහු පවසයි.
ඒ අනුව 2015 – 2020 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව 2,498,714ක් බවත් ඒවායින් 75%ක් පමණ ගෙන ඇත්තේ බැංකු ණය මත බවත් ඔහු පෙන්වා දෙයි.