විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව මහ බැංකුව නිවේදනය කරයි.
එම නිවේදනය සඳහන් වන්නේ, 2024 මැයි මාසයේ දී විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 544.4ක් වූ බවය.
එමෙන්ම 2024 ජනවාරි සිට මැයි දක්වා සමුච්චිත අගය අමෙරිකානු ඩොලර් මිලියන 2,624.4 ක් ලෙස දැක්වේ.
එය 2023 ජනවාරි – මැයි මාස හා සසඳන විට 11.8%ක වැඩිවීමක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.