පුවත්

සතොසේ භාණ්ඩ 5ක මිල තවත් අඩුවේ

Published

on

අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකර තිබේ.

ඒ අනුව පරිප්පු කිලෝවක් රු. 04කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 385කි.

පාන්පිටි කිලෝවක් රු. 15කින් පහළ දමා ඇති අතර, නව මිල රු. 250කි.

මේ අතර සුදුළූණු කිලෝවක් රු. 35කින් පහත දමා ඇති අතර නව මිල රු. 460කි.

ලොකුලූණු කිලෝවක් රු. 09කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 190ක් වන අතර ලංකාවේ නිෂ්පාදිත ටින් මාළු රු. 5 කින් පහත දමා ඇත. එහි නව මිල රු. 490කි.

මේ අතර, ඉදිරි සතිය තුළ අත්‍යව්‍යශ භාණ්ඩ මිල තවත් පහත දැමීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මහතා පවසයි.

ඊයේ (13) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකින් පසුව අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

Trending

Exit mobile version