අද (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමා තිබේ.
එලෙස අඩු කර ඇති භාණ්ඩ මිල ගණන් මෙසේය :
– කිරිපිටි (ලංකා සතොස) ග්‍රෑම් 400 පැකට් එකක මිල රු. 50කින් අඩුකර ඇත. නව මිල – රු. 1,030කි.
– වියළි මිරිස් කිලෝ1 ක මිල රු. 45කින් අඩුකර ඇත. නව මිල – රු. 1,350කි.
– රතු පරිප්පු කිලෝ1 ක මිල රු. 10කින් අඩුකර ඇත. නව මිල – රු. 325කි.
– සෝයා මීට් (තොග) කිලෝ1 ක මිල 10කින් අඩුකර ඇත. නව මිල – රු. 660කි.
– ලොකු ලූනු කිලෝ1 ක මිල රු.6කින් අඩුකර ඇත. නව මිල – රු. 129කි.
– සුදු සීනි කිලෝ1 ක මිල රු.4කින් අඩුකර ඇත. නව මිල – රු.239කි.