ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා ලෙසින් ෆයිසාල් සාලි මහතා පත් කර තිබේ.
ඔහු ඊයේ (20) දිනයේ දී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩ භාරගෙන ඇත.
සාලී මහතා වර්තමානයේ දී ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වාණිජ හා සංවර්ධන බැංකුකරණය පිළිබඳ වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති සාලී මහතා ANZGrindlays බැංකුවේ ආයතනික සහ වෙළඳ බැංකු ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබේ. මීට අමතරව NDB බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසත්, NDB Housing Bank හි විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙසත්, අමානා බැංකුවේ ආරම්භක කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙසත් සහ Cargills බැංකුවේ සහ HNB General Insurance හි ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කර තිබේ.