Connect with us

පුවත්

ඉන්ධන අලෙවියට ඕස්ට්‍රේලියානු සමාගමකුත් ‌එයි

Published

on

මෙරට තුළ ඉන්ධන ව්‍යාපාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් වන “යුනයිටඩ් පෙට්‍රෝලියම්” සමාගමට අවසර ලැබී තිබේ.

United Petroleum Australia සමාගම පසුගිය 22දා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකා වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා ගිවිසුමකට එළඹ තිබෙන අතර,  එම සමාගම  ‘යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ලිමිටඩ්’ ලෙස මෙරට ලියාපදිංචි කර තිබේ.

මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150 ක් එම සමාගමට පැවරීමට සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීමට අවස්ථාව දීමටද එම ගිවිසුමෙන් බැඳී තිබේ.

පුවත්

පුත්තලමේ පාසල් සඳහා හෙටත් නිවාඩු

Published

on

By

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යයක්‍ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Continue Reading

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved