2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී තිබේ.
එය 2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16ක් ලෙසින් සටහන්ව තිබූ අතර, වසර අවසානය වන විට ඒකක 15,944.61ක් දක්වා ඉහළ යෑම සිදු විය.
එමෙන්ම, S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනය 58.46%ක් ලෙස දැක්වේ.
සියලු කොටස් මිල දර්ශකයේ සහ S&P SL20 දර්ශකයේ මෙම අගයයන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම අගයන් වීමද විශේෂත්වයකි.
එමෙන්ම, කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 5.69ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඉතිහාසයේ පළමු වරටය.