පුවත්

යල කන්නයේ වී මිලදී ගන්න බෑ – කෘෂිකර්ම අමාත්‍යාංශය

Published

on

යල කන්නයේ වී මිලදී ගැනීම තවදුරටත් සිදුකළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ඉල්ලා ඇති ණය මුදල් මෙතෙක් නොලැබීම හේතුවෙනි.

අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසුවේ, අදාළ ණය මුදල් ලැබෙන නිශ්චිත දිනයක් මෙතෙක් දන්වා නොමැති බවය.

මේ අනුව ණය මුදල් සඳහා පොලී ප්‍රතිශතය 28%ක් ලෙස අදාළ බැංකු දැනුම් දී ඇති බවත්, එම පොලී ප්‍රතිශතය ඉහළ බැවින් එය අඩු කර ගැනීමට බැංකු සමග තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් පෙන්වා දෙයි.

යල කන්නයේ නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්, කීරී සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කටත් ගොවීන්ගෙන් මිලදී ගැනීමට මීට පෙර මිල නියම කෙරිණි.

Trending

Exit mobile version