ලොව සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී දිවියෙන් සමුගෙන තිබේ.
මිය යන විට ඇය 48 වියේ පසුවිය.
වසර කිහිපයක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබු අතර එහිදි ඇය කෝමා තත්ත්වයකට පත්ව රෝහල් ගත කර තිබුණි.
පසුව ඊයේ (05) දිනයේ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1975 වසරේ හොංකොංහි උපත ලද කොකෝ ලී දැරියෙකු ව සිටියදී සිය පවුල සමග ඇමෙරිකාවට සංක්‍රමණය වූ අතර, ඉංග්‍රීසි හා චීන බසින් නිකුත් වූ ඇගේ ගීත 1990 හා 2000 දශක වලදී ආසියාව පුරාවට අතිජනප්‍රිය විය.
ඇය ජනප්‍රිය ඩිස්නි චිත්‍රපටයක් වන Mulan හි මැන්ඩරින් අනුවාදයේ ප්‍රධාන චරිතයට ද හඬකැවූ අතර, , 2001 ඔස්කාර් සම්මාන උළෙලේදී Crouching Tiger, Hidden Dragon හි ගීතයක් ගායනා කළාය.