අතිශය ජනප්‍රිය බ්‍රිතාන්‍ය රංගන ශිල්පී ශ්‍රීමත් මයිකල් ගැම්බොන් දිවි මඩලින් සමුගෙන තිබේ.
නිව්මෝනියා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුනු ගැම්බොන් මහතා සිය පවුලේ සාමාජිකයන් ඉදිරියේ අවසන් සුසුම් හෙළු බව විදෙස් වාර්තා සඳහන් කරයි.
දශක 6 ක් පුරාවට රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කළ ගැම්බොන් මහතා රිදී තිරය මෙන්ම පුංචි තිරයේ හා වේදිකා නාට්‍ය වලද සිය හසල රංගන කුසලතාවය පිළිඹිබු කර ඇති අතර, ඔහු බැෆ්ටා සම්මාන 4 ක් දිනාගෙන තිබේ.
ගැම්බොන් නිරූපණය කළ චරිත අතරින් ජනප්‍රියතම චරිතය වන්නේ සුප්‍රකට හැරී පොටර් චිත්‍රපට මාලාවේ, ප්‍රොෆෙසර් ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයයි. චිත්‍රපට 8කින් සමන්විත වන හැරී පොටර් චිත්‍රපට මාලාවේ චිත්‍රපට 6කම මෙම චරිතයට පණපොවා ඇත්තේ ගැම්බොන් මහතාය.
ඔහු ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතය නිරූපණය කිරීමට එක්වූයේ මුලින්ම එම චරිතයට පණපෙවූ රිචඩ් හැරිස් මහතා 2003දී හදිසියේම අභාවයට පත්වීමත් සමගයි.