කලා

පිළිකා පරීක්ෂණ ඍණාත්මක වූ බව හියු ජැක්මන් කියයි

Published

on

සමේ පිළිකා සඳහා තමාට පසුගියදා සිදුකළ පරීක්ෂණ සියල්ල ඍණාත්මක වූ බව ඕස්ට්‍රේලියානු ජාතික හොලිවුඩ් සුපිරි තරුවක් වන හියු ජැක්මන් පවසයි.

තමාට ලබා දුන් ආදරයට ස්තූති වන බවද ඔහු සිය රසිකරසිකාවියන් හට පවසයි.

පළමුවරට ජැක්මන් ගේ තිබූ සමේ පිළිකාවක් ඉවත්කරනු ලැබුවේ 2013 දීය. එතැන් පටන් ඔහු එවැනි වෛද්‍ය ක්‍රියාපටිපාටි 6කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත.

සිය පණිවිඩය සමග හියුමන් යළිත් අහිතකර හිරුකිරණ වලින් ප්‍රවේශම් විය යුතු ආකාරය මතක් කර දී ඇත.

ලොව වැඩිම චර්ම පිළිකා රෝගීන් ගණනක් වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවෙනි. සෑම වසරකම එරට 11,500 කට වැඩි මෙලනෝමා රෝගීන් පිරිසක් හඳුනාගැනෙන අතරම, 434,000කට ආසන්න පිරිසක් වෙනත් චර්ම පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන බවට ඇස්තමේන්තු කරන බවත්, විදෙස් වාර්තා සඳහන් කරයි.

Trending

Exit mobile version