ජනප්‍රිය ඉන්දීය නිළි පූනම් පාන්ඩේ මියගොස් ඇතැයි වාර්තා වේ.
ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඇය ඊයේ රාත්‍රියේ (01) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මියයන විට ඇය 32 හැවිරිදි වියේ පසු වූවාය.
2013 වසරේදී “නාෂා” චිත්‍රපටය ඔස්සේ බොලිවුඩ් සිනමාවට පිවිසි පූනම්, Love Is Poison නම් කන්නඩ චිත්‍රපටයේ සහ Aa Gaya Hero හින්දි චිත්‍රපටයේ ආරාධිත චරිත නිරූපණය කළාය. ඇය ලොක් අප් නම් රූපවාහිනී රියැලිටි වැඩසටහනටද එක්විය.