ගේයපද රචිකාවියක් වන මාලිනි විජිතා විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
ඇය ඊයේ (30) මිය යනවිට 89 වැනි වියේ පසුවූවාය.
“මා බාල කාලේ අම්මාගෙ උකුලේ” සී.ටී. ප්‍රනාන්දු ශූරීන්ගේ හඬින් ඔපවත්වූ එම ගේයපද මාලිනි විජිතා විජයවීර මහත්මියගේ ය.
1991දී ඇගේ “පේ අයියා” යොවුන් නවකථාව විජේවර්ධන සම්මානයෙන් ද පිදුම් ලැබීය.
පසුගිය වසරේ ප්‍රදීපා ධර්මදාස ශිල්පිනියගේ මියුරු හඬින් ගැයුනු රම්බොඩගල්ලේ බුදුරුව වන්දනා ගීතයද ඇයගේ නිර්මාණයකි.
මාලිනි විජයවීරයන්ගේ අවසන් කටයුතු හෙට (02) සවස 5.00ට ගල්කිස්ස ආදාහනාගාරයේදී සිදුකෙරේ.