14 වරටත් මෙරට පැවැත්වෙන යුරෝපා සිනමා උළෙලේ තෙවැනි දිනය අදයි (අගෝස්තු 18).
අද දිනයේ ප.ව. 3.30ට ඇමෙරිකානු – ලැට්වියා – ලක්සම්බර්ග් චිත්‍රපටයක් වන ‘My Love Affair With Marriage’ ද ප.ව. 6.00ට ප්‍රංශ චිත්‍රපටයක් වන ‘The Big Hit’ ද තිරගත වනු ඇත.
කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී තිරගත වන මෙම චිත්‍රපට නැරඹීමට ඇතුල්වීම නොමිලේ.