කලා

ඔස්කාර් සම්මානය දෙන්න ජෝන් සීනා උපන් ඇඳුමෙන් ඇවිත්! (වීඩියෝ)

Published

on

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවති ඔස්කාර් සම්මාන වේදිකාවට ලෝක ප්‍රසිද්ධ රෙස්ලිං තරුවක් ‌සහ රංගන ශිල්පියෙක් වන ජෝන් සීනා නිරුවතින් වේදිකාව වෙත පැමිණියේය.

ඔහු මෙලෙස වේදිකාවෙ වෙත පැමිණියේ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන සම්මානය පිරිනැමීමටයි.

ජයග්‍රාහකයාගේ නම ඇතුළත් විශාල ලියුම් කවරයෙන් සිය රහස් ප්‍රදේශය වසාගනිමින් ප්‍රේක්ෂක අත්පොළොසන් මැද වේදිකාවට පැමිණි ජෝන් සීනා පැවසුවේ ඇඳුම් නිර්මාණ ඉතා වැදගත් බවත්, ඇතැම් විට ඇති වැදගත්ම දේ වීමට හැකි බවත්ය.

ඔස්කාර් සම්මාන උළෙල මෙහෙයවූ ජිමී කිමල් ගේ සහය ඇතිව පසුව තිර රෙද්දකින් සැරසුනු ජෝන් සීනා, හොඳම ඇඳුම් නිර්මාණය සඳහා මෙවර ඔස්කා සම්මානය ‘පුවර් තින්ග්ස්’ චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කළ හොලි වැඩිංටන් ට හිමි වන බව ප්‍රකාශ කළේය.

Trending

Exit mobile version