කලා

ඕපන්හයිමර්, ඔස්කාර් සම්මාන උළෙලේදී දිලෙයි!

Published

on

“පරමාණු බෝම්බයේ පියා” පිළිබඳව ක්‍රිස්ටෝෆර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු නව සුවිසල් චරිතාපදාන ත්‍රාසජනක චිත්‍රපටය වන ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී සම්මාන 07ක් දිනාගැනීමට සමත් වී තිබේ.

හොඳම චිත්‍රපටයට හිමි සම්මානය මෙන්ම හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානයද මෙම චිත්‍රපටයට හිමිවිය.

තවද, එහි ප්‍රධාන චරිතයට පණපෙවූ කිලියන් මර්ෆි හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය. ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අයර්ලන්ත ජාතිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වේ.

තවද, හොඳම සහය නළුවා ලෙසද එහි රඟපෑ රොබට් ඩවුනි ජූනියර් ද සම්මානයට පාත්‍රවිය.

මේ අතර, මෙවර හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍රවූයේ ‘පුවර් තින්ග්ස්’ චිත්‍රපයේ රඟපෑ එමා ස්ටෝන් ය.

Trending

Exit mobile version