කලා

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් ජීවන රඟමඩලින් සමුගනී…

Published

on

ප්‍රවීණ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද (02) උදෑසන හෘදයාබාධයක් හේතුවෙන් දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වූ බවයි.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 41 කි.

රක්වානේදී උපත ලද ඔහු කලා කේෂත්‍රයට අවතීර්ණ වන්නේ, සිඩ්නි චන්ද්‍රසේකරයන් අධ්‍යක්ෂණය කළ ”A-9” ටෙලි නාට්‍යයෙනි.

2008 වසරේ ‘ප්‍රභාකරන්’ සිනමා පටයෙන් දර්ශන් ධර්මරාජ්ගේ සිනමා ආගමනය සිදුවිය.

එතැන් සිට හෙළ සිනමාවේ ප්‍රතිභාන්විත තරුවක් වූ ඔහු මචං, ඉනිඅවන්, මාතා, සුනාමි, කෝමාලි කිංග්ස් ඇතුළු සිංහල සහ දෙමළ සිනමා පට රැසකට රංගන දායකත්වය ලබාදුන්නේ ය.

තාත්වික රංග කෞෂල්‍යයෙන් සපිරි රංගන ශිල්පියෙකු ලෙස නිරන්තරයෙන් විචාරක පැසසුමට ලක්වූ ඔහු, දෙමළ මෙන්ම සිංහල රසික ප්‍රජාව අතර අතිශය ජනප්‍රිය කලාකරුවෙකි.

(නිව්ස් ෆස්ට්)

Trending

Exit mobile version