චීනය පුරා සිටින මිලියන සංඛ්‍යාත පක්ෂ සාමාජිකයින් විසින් බිම් මට්ටමේ සිට තේරී පත් වූ නියෝජිතයින් 2,296 ක් හෙට (16) බීජිං හි ආරම්භවන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනයට සහභාගී වීමට නියමිතය.
අපේක්ෂකයින්ගේ විවිධත්වය සහතික කිරීම සඳහා මීට සහභාගී වන නියෝජිතයින් ඉතා ප්‍රවේශමෙන් තෝරාගෙන ඇත. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය මෙන්ම සියලුම වාර්ගික සුළුතරයන් ඇතුළු විවිධ කලාප සහ ජනවිකාස කණ්ඩායම්, මොවුන් විසින් නියෝජනය කරනු ඇත.
නියෝජිතයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් බිම් මට්ටමේ පක්ෂ සාමාජික නියෝජිතයින්ගෙන් වනු ඇති අතර, ඉදිරි පෙළේ වැඩ කරන ජනතාවට අවම වශයෙන් ආසනවලින් තුනෙන් එකක් ලැබී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. ඒ අතරින් ගොවීන්, කාර්මිකයන්ට සහ කම්කරුවන්ට ප්‍රමුඛත්වය දී තිබේ.
චීනයේ සමස්ත මැතිවරණ ක්‍රියාවලිය අදියර පහකින් සමන්විත වේ.
පළමුව, පක්ෂ සාමාජිකයන් අපේක්ෂකයින් නම් කරනු ලබන අතර, දෙවනුව, සියලුම නාමිකයින් ප්‍රවේශමෙන් සමාලෝචනය කරනු ලැබේ.
සමාලෝචන පියවර සමත් වන පුද්ගලයන් තුන්වැනි අදියරට යොමුකෙරෙන අතර, මහජනතාවගේ ප්‍රතිචාර හා අදහස් ලබාගැනීමට ඔවුන්ගේ නම් ප්‍රසිද්ධියේ ලබා ගත හැකිය.
සිව්වැනි අදියරේදී සාකච්ඡා පවත්වා සහ අපේක්ෂකයන්ගේ කෙටි ලැයිස්තු සැකසීම සිදුකෙරේ. අවසාන වශයෙන්, සෑම මැතිවරණ ඒකකයක්ම විසින් අවසාන නියෝජිතයන් සඳහා ඡන්දය ලබාදීම සිදුවේ.
ජාතික කොංග්‍රසයට තේරී පත් වූ නියෝජිතයන් පසුගිය වසර පහ තුළ පක්ෂයේ වැඩකටයුතු පිළිබඳ ඇගයීමක් සටහන් කිරීමට නියමිතය. පක්ෂ ව්‍යවස්ථාවට එක්කළ හැකි සංශෝධන ද ඔවුන් පෙන්වා දෙයි.
අවසාන වශයෙන්, ඔවුන් ඉදිරි වසර පහ සඳහා නව නායකත්ව කණ්ඩායමක් තෝරා ගනු ඇත.
වසර 1921දී ස්ථාපිත කෙරෙනු චීන කොමියුනිස්ට් පක්ෂය යනු එරට නායකත්වයේ න්‍යෂ්ටියයි. එවකට සාමාජිකයන් 58කින් පමණක් සැදුම් ලත් චීන කොමියුනිස්ට් පක්ෂයේ වත්මන් සාමාජිකත්වය මිලියන 96ක් ඉක්මවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් නියතයක් වන්නේ කොමියුනිස්ට් මතවාදය සාක්ෂාත් කර ගැනීම, චීන ජනතාවගේ සතුට සෙවීම සහ චීන ජාතියේ පුනර්ජීවනය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ කැපවීමයි. චීන ලක්‍ෂණ සහිත සමාජවාදයේ අත්‍යවශ්‍යම ලක්ෂණය සේ සැලැකෙන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය බව පැවසේත
වසර 2012 නොවැම්බර් මාසයේ සිට චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස ෂී ජන්පිං මහතා කටයුතු කරන අතර ජාතික මහජන කොංග්‍රසයෙන් තේරී පත් වූ ඔහු චීනයේ ජනාධිපතිවරයා ද වේ.
– කැළුම් ශිවන්ත චීනයේ බීජිං හි සිට