පුත්තලම කලපුවේ ඉලුප්පන්දුව ප්‍රදේශයේ නොගැඹුරු දියට පැමිණ අතරමංව සිටි බ්‍රයිඩ් තල්මසකු Bryde’s whale (b.brydei) අද (08) නැවත උච්චමුනි මෝය හරහා සාගරයට මුදා හැරීමට පුත්තලම සහකාර අධ්‍යක්ෂ බල ප්‍රදේශයේ වනජිවි නිලධාරින් සමත් වී ඇත.
දිග අඩි 30 ක් පමණ වන මෙම තල්මසා නැවත සාගරයට මුදා හැරීම සදහා වනජිවී නිලධාරින්ට නාවික හමුදාවේ හා නාරා ආයතනයේ නිලධාරින්ගේ සහයෝගය ලැබුණු බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
(ඡායා : සන්ඩේ ටයිම්ස්)