පුවත්

අත්‍යව්‍ය භාණ්ඩ යළි රුපියල් 4-5කින් ඉහලට !

Published

on

භාණ්ඩ ආනයනයේදී ඒවා නිපදවන රටවල නැව් සමාගම්වලින් ගෙවූ THC (Terminal Handling Charges) ගාස්තු මෙරට ආනයනකරුවන්ට ගෙවීමට සිදුවීම නිසා මැයි මස 01 දින සිට ආනයනය කරන භාණ්ඩවල මිල කිලෝවකටරුපියල් හතරකින් හෝ පහකින් පමණ ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා කියයි.

මෙම ගාස්තු 2012 වසරේ සිට අයකරනු ලැබුවේ නිෂ්පාදිත රටවලින් නමුත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එම ක්‍රමය අහෝසි කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ඔහු වැඩිදුරටත් කීය.

මෙම ගාස්තු ඉවත් කිරීම ආනයනකරුවන්ට පමණක් නොව අපනයනවලටද අහිතකරව බලපාන බව ඔහු ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ ආනයනකරුවන් සහ වාණිජ මණ්ඩලවල නිලධාරීන් පසුගිය 19 වැනිදා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටියද අන්තිම මොහොතේ එය අවලංගු වූ බව පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ නුදුරු දිනකදී ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තුව සිටින බවය.

Trending

Exit mobile version