පුවත්

අතුරුදන් වූ ඩෙන්මාක් තරුණියගේ සිරුර හමුවේ

Published

on

කඩුගන්නාව පොත්තපිටිය අලගල්ල කන්ද තරණය කිරීමට ගොස් අතුරුදහන්ව සිටි ඩෙන්මාක් තරුණියගේ සිරුර දින හතරකට පසු රඹුක්කන අලගල්ල ප්‍රදේශයේදී හමු වූ බව රඹුක්කන පොලිසිය කියයි.

මෙම කාන්තාව කඩුගන්නාව ප්‍රදේශයෙන් කන්ද තරණය කිරීමට ගොස් ඇති අතර ඇය දින හතරක පෙර සිට අතුරුදන්ව සිටියාය. 

අලගල්ල කන්ද මුදුණට නැඟ ඇති මෙම කාන්තාව ගල මුදුණේ පිහිටි සිංහගලෙන් අනෙක් පැත්තට මාරු වීමට උත්සහ කරද්දී ගලෙන් පහළට ඇද වැටී ඇති අතර මළ සිරුරු වැටී ඇත්තේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ඉඩමකට බව පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික කරේන් මන්ක් එම්බසන් නමැති තරුණියකි.

Trending

Exit mobile version