පුවත්

අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

Published

on

ඉන්දියාවේ අදානි සමාගම විසින් මන්නාරම- වෙඩිතලතිව් ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය  සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් අද (14) කැඳවූ අවස්ථාවේදී  නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදුක‍ර තිබුණි.

මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දී තිබෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ මූලික අයිතිවාසිම් පෙත්සම් පහ ගොනු කර තිබේ.  

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව පහක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර යෝජිත සුළං බලාගාරය ඉදිකරනු ලැබුවහොත් ඒ තුළින් පාරසරික ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ලවන බවත් බලාගාරය තුළින් සංක්‍රමණික පක්ෂීන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්වීමට ඉඩ තිබෙන බවත් එම පෙත්සම් මඟින් පෙන්වා දී තිබුණි.

Trending

Exit mobile version